Wednesday, November 14, 2012

නදීශා හේමමාලී සහ සිංහල බෞද්ධ ආගම් වාදී ජාති වාදී පිබිදීම

ප්‍රස්ථුතය: http://www.gossip9.com/2012/11/blog-post_14.html#more


ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ආගම් වාදී ජාති වාදී පිබිදීම පළමු වර ඇතිවන්නේ යටත් විජිත පාලනයට එරෙහිව එස් මහින්ද හිමි හා අනගාරික ධර්මපාල වැනි නායකයන් යටතේ දීයි. දියාරු වූ ශ්‍රී ලාංකීය නිදහස් සටනේ යම් උණුසුමක් වී නම් ඒ මේ ජාතිවාදී ආගම් වාදීන් ගේ රුහිරු නිසාවෙනි. මෙම අන්තවාදී උසිගැන්වීම් කිසිම ලේ වැගිරීමකින් තොරව ලැබුණ නිදහසෙන් කිසි සේත් සන්සිඳුනේ නැත. ජාතිවාද ලෙයම ඉල්ලා කකියයි. එහෙයින් ඉවසාගත නොහිනු ලෙස කල් ගිය ඒ ජාතිවාදී සුරාන්තය 1983 කලු ජූලියෙන් සනිටුහන් විය.

වැගිරවූ ලෙයින් මදක් තෘප්තිමත් වූ ජාතිවාදීන්, ගිමන් හරින්නට විය. නිදහස් ආර්ථිකයත්, කලු ජූලියෙන් පුලිඟු පැනවූ කොටි ත්‍රස්ථවාදයත් ජාතිවාදීන් ගේ අරමුණු ජීවිත සටන වෙත යොමු කරවීය. ජෙප්පන් කල දුටු කල වල ඉහගැනීම නිසා, දෙමළ කොටි ත්‍රස්ථවාදයට එරෙහිව යලි ජාතිවාදය හිස එසවීම දශක දෙකකින් පමණ ප්‍රමාද විය.

දෙවන වර ජාතිවාදී ආගම් වාදී හිස එසවීමට මුල් ගල තැබුවේ සෝම හිමියන් ය. උන් වහන්සේගේ අකල් මරණය, අන්තවාදීන්ගේ ගමන තවත් ඉක්මන් කරනු ලැබීය. සිහළ උරුමය, ජාතික හෙළ උරුමය වී, සිංහල ජාතිවාදය පෙරදැරි කරගෙන ඇතිකරවූ දේශපාලන ප්‍රවාහය, සියලු දේශපාලන පක්ෂ වලට එතෙක් අමතක වී තිබූ ජාතිවාදී අවිය ගැන යලි මතක් කර දුන්නේය. ඔවුන් තම තමන්ගේ අරමුණු උදෙසා මේ නැවත සොයාගත් උසිගැන්වීම ලහි ලහියේ භාවිත කලෝය. මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමත්, ඊලාම් යුද්ධය අවසන් වීමත් එහි ප්‍රතිඵලයන් වේ.

සිංහල ජාතිවාදීන් ගේ ලේ පිපාසාව, ඊලාම් යුද්ධයේ මැරුණ කොටින්ගේන් සෑහෙන පමණ සන්සිඳුන මුත්, දෙමළ ඩයස්පෝරාවෙන් ඔවුන්ට සුරාන්තය විඳින්නට ඉඩ නොදෙමින් පවතී. රතියේ යෙදී, සුරාන්තයට ඔන්න මෙන්න කියා රති සැප නැවතීමෙන් ඇති වන නොසන්සුන් අතෘප්තිකර අසංතෘප්ත හැඟීම බොහෝ දෙනකු දනිතැයි හඟිමි. දැන් සිංහල බෞද්ධයින්ට වී ඇත්තේ එයයි. එහෙත් ඔවුන්ට තවදුරටත් දෙමළුන්ගෙන් ඔවුන්ගේ උවමනාවන් සන්සිඳුවා ගත නොහැක.

ඉඳින් දැන් මුස්ලිමුන් ගේ වාරයයි.

සිංහල බෞද්ධ අන්තවාදයේත් වෙනත් ඕනෑම අන්තවාදයක මෙන් සාමාන්‍ය මනුෂ්‍ය අවශ්‍යතා යටපත් කොට ඒවාට කුඩම්මාගේ සැලකිලි දැක්වීම දැකිය හැක. ලිංගිකත්වය මින් ප්‍රධාන වේ.

එබැවින් මේ අන්තවාදී සමාජයේ සැමකෙකුටම පෞර්ෂයන් දෙකක් වෙයි. එකක් නම් සමාජය විසින් ඔවුන් මත පටවනු ලැබූ සංස්කෘතියට හැඩ ගැසුණු, සිංහල බෞද්ධත්වය හිස් මුදුනෙහි හොවා ගත්, ලිංගිකත්වය වැනි අවශ්‍යතා සිර කර දැමුණු පෞර්ෂයයි. අනෙක නම්, තම කැකෑරෙන ආශාවන් කුමන විකෘතියකින් හෝ එලියට දමන්නට පොර බදන, පොදු සමාජයට බිය වූ අසහනකාරී පෞර්ෂයයි. හැමකෙක් ම මේ දෙවන පෞර්ෂය අඩු වැඩි වශයෙන් එලියට දමයි.

ඉහත සබැඳියේ කමෙන්ටු වලින් පෙනෙන්නේ මේ යතාර්ථයේ නොපුළුල්, එහෙත් සම්පූර්ණ පැතිකඩකි.

2 comments:

  1. මේ වගේ ලිපි ලියන කොන්ද පන නැති වුන් සිංහලයෝ නම් වෙන්න බෑ.

    ReplyDelete
  2. එතකොට ඉස්කෝලේ ළමයෙකුට බස් එකක යන්න නොදී ජැක් ගහන, කෙල්ලෙකුට කුණු හරුප කියන එක මහා වීර කමක් කියලා හිතන, පෝලිමක ඉන්න දන්නේ නැති, වෙන මිනිහෙකුට කරදරයක් නොවී පාරේ යන්න දන්නේ නැති, තමන්ට වඩා දුර්වල මනුස්සයෙක් දැක්ක ගමන් තමන්ගේ හීනමානය වහ ගන්න ඒ මනුස්සයාට වද දෙන සිංහලයොන්ට තමයි කොන්ද පණ තියෙන්නේ?

    ReplyDelete