Monday, November 5, 2012

තනි රැයේ සමාගමය...

ඔරලෝසුවේ තප්පර කට්ට පනින හඬ අහන් ඉන්න තරම් වෙන කරන්න වැඩක් නැති වෙනවා කියන්නේ පුදුම කාලකන්නි කමක්. ඒ සද්දෙත් මහා මූසල කාල කන්නි සද්දයක්.

ටික් ටික්..

ඇත්තටම "ටික්" ද? නෑ.. නිකම් "තක්, තක්" වගේ.. තක් තක් ගාල දෙකක් පැනලා, ඊට පස්සේ "තොක්" ගාලා තව එකක් පනිනවා. පුදුම ඒකාකාරී කමක්. තක් තක් තොක්. තක් තක් තොක්. තක් තක් තොක්...

ජනෙල් රෙද්ද පොඩ්ඩක් ඈත් වෙලා එතනින් පොඩි එලියක් කාමරේට වැටිලා... පොළවේ ටයිල් එක ඒකෙන් ටිකක් දිලිසෙනවා. නැගිටලා ඇවිදිනවා ද? කොහෙට ඇවිදින්න ද? දොර තියෙන්නේ ඇඳට වම් පැත්තෙන්... එතෙන්ට යනකම් යන්න නම් ඇඳෙන් බැහැලා, ඇඳ වටෙන් යන්න ඕනේ, බිම තියෙන මොකක හරි කකුල පැටලුනොත් වත්...

ජනේලේ ලඟම තියෙන මේසේ උඩ තමයි ඔරලෝසුව තියෙන්නේ, ඒකේ ඉලක්කම් නොපෙනුනත්, කටු දෙක යාන්තම් දිලිසෙනවා පේනවා... ඒත් කණ්නාඩි දෙක නැතුව මට වෙලාව පේන්නේ නෑ හරියට. කණ්නාඩි දෙකත් මම ගලවලා තිබ්බේ මේසේ උඩ. නැගිටලා එතෙන්ට යනවා ද? එතෙන්ට නම් යා ගන්න පුලුවන් වෙයි. බෙඩ් ෂීට් එක... ඒක කකුලේ පැටලිලා. ඇදලා දාන්න ගියොත් නයෝමි ඇහැරෙයි ද? නයෝමි ද, නියෝමි ද? නයෝමි.. ඔවු, නයෝමි කියලා තමයි ජානකී ඉන්ට්‍රොඩියුස් කරේ...

මේ ගෑණිගේ ප'ෆියුම් එක තාම සුවඳයි නේ... යකෝ ඉන්ෂුවරන්ස් විකිනිල්ලත් සෑහෙන ලාබ ඇති. මේකි ඉතින් කිරි කිරි කෑල්ල නිසා හැම එකාම පැනලා ගන්නවා ඇති... කී දෙනෙක්ට දීලා තියෙනවා ද දන්නේ නෑ... ඒඩ්ස් වත් ඇත් ද? ... බ්ලෝ කරේ නිකම්ම...

අම්මෝ...

දාඩිය... මේ රෙද්ද... ඔන්න ඔහෙ හෙමීට අදිනවා. ඇහැරුනා වත් ද? ඇහැරුනොත් මොනවා කතා කරන්න ද? ලව් කරන්න යෑ... හැබැයි ලව් කරන්නත් තිබ්බා... ඉස්සර හම්බුණා නම්. දැන් ඉතින් මේකට ලව් කරොත්... ඇයි ඇත්තට මට මේකිට ලව් කරන්න බැරි? ලස්සනයි, සුදුයි, උසයි, රස්සාවක් තියෙනවා... ඒත් ඉතින් කීදෙනෙක් ඇරලා ඇද්ද? ... හැබැයි මමත් ඉතින් එහෙමනේ... මට කැමති වෙයි ද? මම කැමති දේවල් වලට කැමති වෙයි ද? මොනවට ද මම කැමති? කෙල්ලොන්ට - යකෝ කෙල්ලොන්ට කැමති උනොත් ලෙස්බියන් නේ, එතකොට හරි යන්නේ නෑ නේ - හිහ්....

මොනවට ද මම කැමති? ...

මොනවට ද?

බොන්න... බොන්න? නෑ මම බොන්න එහෙමට ආස නෑ... බිව්වම එන කික් එක ආතල්...

යාලුවො ආස්‍රය කරන්න... යාලුවෝ... කවුද මගේ යාලුවෝ? ... දිනේශ්? උගේ එහෙමට ලොකු ෆිට් එකක් නෑ... චන්දික... නෑ... යාලුවොත් නෑ...

යකෝ මොනවට ද මම කැමති??

චූ බරයි.. වෙලාව කීය ද? වෙලාව බලන්න ඇඳෙන් බහින්න ඕනේ.. ශිට්! ඇඳුම්! ... කොතෙන් දි ද ගැලෙව්වේ? සාලේදිම නේ... මොන රෙද්දක් ද... මෙහෙමම යනවා. මේකි නිදි නේ... ඇහැරලා හිටියත් මොකද, ඊයෙ දැක්කේ...

මේ හූ... ඇඳ කිරි කිරි ගානවා නේ... රෑත් කිරි කිරි ගෑවද? ... මතක නෑ... කෙල්ල කෙඳිරි ගෑවා විතරයි මතක.

වෝ.... හෝව්. ඔලුව කැරකෙනවා ඔලුව උස්සද්දි... තාම වෙරි නේ... රයිට්... හෙමීට. හුහ්... ! ..

5.30... ලයිට් දානවා ද? ... ඇහැරුනොත්...

යකෝ!! හෙලුවෙන් නේද මෙයත් ඇත්තේ?!!

ලයිට් දාලා බලමු ද? ඊය ඉතින් වෙරි මරගාතේ නේ දැක්කේ... කො ලයිට් ස්විච් එක? මොන රෙද්දට ද ලයිට් ඔෆ් කරේ? මම ද ඔෆ් කරේ?

ස්විච් එක... දොර ගාව. බිම මුකුත් තිබ්බේ නෑ...

"ඌයි!" ... ඇහැරුනා ද? ... බය වෙයි ද? මම හොරකම් කරනවා කියලා හිතයි ද? ශේප් වගේ...

මොන රෙද්දක් ද පෑගුනේ? ...

මෙන්න ස්විච් එක... හප්පා ඇස් දෙක.... හාහ්....

පෑගිලා තියෙන්නෙ හයි හීල් සපත්තුවක්, දාපියකො රැක් එකට, කාමරේ මැද ගලවලා දාන්නේ, මෝඩි...

නොදකින් බෙඩ් ශීට් එක ඔතාගෙන නේ... මූනේ ලස්සන!! ... කබ!... ඈක්කා...

කෝ ඇඳුම්? සාලේ..

4 comments:

  1. හ්ම්.....
    කියන්න දෙයක් නෑ..

    ReplyDelete
  2. අද කියවන්ට වෙලාව මදි... කියෝලම ගුණාගුණ කියන්නම්...

    ReplyDelete
  3. පට්ටයි මචන්, හොද ආරම්භයක් !

    ReplyDelete
  4. හොඳ අනාගතයක් ති‍යෙයි කියලා හිතෙනවා. හිතට වදින්න ලියලා තියනවා. මගේ සුබ පැතුම්.

    ReplyDelete